සෞදියේදී මරණ දඬුවමෙන් නිදහස් වූ අනෝජන්ගේ පවුලේ පිරිස ජනපතිට ස්තූතිය පළ කරති

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා මහතාට එරෙහි නඩු කටයුතු නිල වශයෙන් අවසන් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව ඔහුට පනවා තිබූ සියලු දඬුවම් අවලංගු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නොවැම්බර් 11 වැනිදා නිවේදනය කළේය.​පසුගිය ඔක්තෝබර් 13 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ මරණ දඬුවම අවලංගු කිරීමෙන් පසු සිදු කළ විමර්ශනවලින් අනතුරුව, නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයාමට එරට අභිචෝදක අධිකාරිය තීරණය කර ඇත. නොවැම්බර් 11 වැනිදා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවූ අනෝජන්ගේ පවුලේ සාමාජිකයන්ට, නඩුව අවසන් වීම සහ ඔහු කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමේ ඉදිරි කටයුතු පිළිබඳව දැනුම් දී තිබේ.​මෙම නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සාර්ථක කර ගැනීම වෙනුවෙන් අනෝජන් සිවරාසාගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට, විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ඊට දායක වූ සියලු පාර්ශ්වයන්ට සිය කෘතඥතාව පළ කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,419

Leave A Reply

Your email address will not be published. Required fields are marked *