රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු සහ වෛරස් උණ රෝග තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගනිමින්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග ජූනි 30 වැනිදා සිට ජූලි 30 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත. මෙම කාලසීමාව තුළ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිසුන් ගැවසීම සීමා කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර ද වසා තැබීමට තීරණය කර ඇති බවත්, එම කාලය තුළ සියලුම ශිෂ්‍ය කටයුතු නවතා දමා ඇති බවත් විශ්වවිද්‍යාල පරිපාලනය වැඩිදුරටත් දැනුම් දෙයි.























