අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය අනිද්දා (24) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට තීරණය කර ඇත. අද (22) දින පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ.මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පාලනය කර ගැනීමට හෝ එය වළක්වා ගැනීමට අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින්, විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව මීට පෙර කතානායකවරයා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.























