අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන ඉන්ධන පිරවුම්හලේ සේවකයා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (18) කැඳවාගෙන එනු ලැබීය.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ සමයේ, කාර්ය මණ්ඩලය සඳහා බඳවාගත් සේවකයින් සිව්දෙනාගෙන් තිදෙනෙකු තමාටම අයත් ඉන්ධන පිරවුම්හලක සේවයේ යොදවා ගැනීම සහ අනෙක් සේවකයා අදාළ කාර්යාල රාජකාරීවලින් බැහැරව තැබීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.එම සේවකයින් වෙත රජයේ අරමුදල්වලින් රුපියල් 2,768,836.14 ක වැටුප් හා දීමනා ගෙවීමට සලස්වා රජයට මූල්‍යමය පාඩුවක් සිදු කරමින් දූෂණ වරදක් සිදු කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී ඇති අතර, අදාළ නඩුව මේ වන විට අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව ඇත.



























