හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

​ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අතුරලිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඔහු මියගොස් ඇති අතර, එය වෙඩි තබා ගැනීමක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට සැක කෙරේ. ​ශ්‍රී ලංකා පොලිස් සේවයේ වසර 30 කට වැඩි කාලයක් සේවය කළ ඒ මහතා, පොලිස්පති ධුරයට පත්වීමට පෙර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එවකට පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කෙරිණි. පසුව 2020 නොවැම්බර් 25 වන දින නිල වශයෙන් පොලිස්පති ධුරයට පත් වූ ඔහු, 2023 නොවැම්බර් 25 වන දින විශ්‍රාම යන තෙක් එම ධුරයේ කටයුතු කළේය.

What's your reaction?

Related Posts

1 of 1,240

Leave A Reply

Your email address will not be published. Required fields are marked *