හෙට කොළඹ සහ තවත් නගර රැසකට පැය 12ක ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ තවත් තෝරාගත් ප්‍රදේශ කිහිපයකට හෙට (04) දින පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව සෙනසුරාදා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වීමට නියමිතය.​මෙම ජල කප්පාදුව කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන මහ නගර සභා බලප්‍රදේශවලට බලපානු ඇත. මීට අමතරව බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය සහ ඔරුගොඩවත්ත යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවේ.​මේ හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන කාලසීමාව තුළ පාරිභෝගිකයින්ට මුහුණ දීමට සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කලින්ම රැස්කර තබාගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,218

Leave A Reply

Your email address will not be published. Required fields are marked *