කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වුල්ෆ්සන් විද්‍යාලයේ පැවති ගෝලීය බලගතු කාන්තා සංසදයේ (GPWF 2026) ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අදහස් දැක්වූවාය. ‘කාන්තා බලයෙන් ක්‍රියාත්මක වන ආර්ථිකයන්’ යන තේමාව යටතේ ලොව පුරා ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා ව්‍යාපාරික නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.සූම් තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූ අග්‍රාමාත්‍යවරිය, ‘අර්බුද හරහා පාලනය’ යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ කරුණු පැහැදිලි කළාය. එහිදී ඇය, රජයේ ‘සමෘද්ධිමත් දේශයක්, ලස්සන ජීවිතයක්’ යන ප්‍රතිපත්තිමය දැක්ම අවධාරණය කළ අතර, රාජ්‍ය පාලනයේ සහ පරිපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා කාන්තාවන් සවිඥානිකව සහභාගී කරවා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.මෙම සමුළුවේදී අග්‍රාමාත්‍යවරියගේ නායකත්වය සහ ඇය අනුගමනය කරන ඇතුළත් කරගත් පාලන ක්‍රමවේද ඇගයීමට ලක් කරමින් ඇයට ‘Global Power Impact & Legacy Honour’ සම්මානය පිරිනැමීම කැපී පෙනුණි. ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීම සහ ගෝලීය ආර්ථිකය තුළ කාන්තා නායකත්වය පුළුල් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරුණු මෙම උත්සවයේදී, අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් අදාළ සම්මානය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විසින් භාරගනු ලැබීය.



























