දිවයිනේ ප්‍රදේශ රැසකට අද (12) දිනයේදීත් වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 දක්වා වූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මීට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළු උතුරු, උතුරු-මැද, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයකින් හමන තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් සුළං රළු විය හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි සහ අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

























