අද දිනයේ ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ විටින් විට වැසි වරින් වර අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත වීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ. කෙසේ වෙතත්, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් වාර්තා වන්නේ වැසි ස්වල්පයක් පමණක් වන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍ය පරිදි වියළි කාලගුණික ස්වභාවයක් පවතියි.​මේ අතර, කාලගුණ තත්ත්වයත් සමඟ උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල මෙන්ම රත්නපුර, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සුළඟේ ප්‍රබලතාව වැඩි විය හැක. ඒ අනුව, මෙම ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්‍රමාණයක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,263

Leave A Reply

Your email address will not be published. Required fields are marked *