අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ගැන මහානායක හිමිවරුන් දැනුවත් කෙරේ

යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට අදාළ ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නිලධාරීහු පියවර ගත්හ. මෙහිදී අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක සහ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී තිබේ.​පූජාභූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහ බෞද්ධ උරුමයන් ආරක්ෂා වන අයුරින් මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමේ වැදගත්කම මහානායක හිමිවරුන් මෙහිදී අවධාරණය කර ඇත. උරුමයන්ට හානියක් නොවන පරිදි ජනතා පහසුකම් නැංවීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගේ විරෝධයක් නොමැති බවත්, මෙවැනි සංවේදී කරුණු සාකච්ඡා මාර්ගයෙන් සම්මුතියකට එළඹ ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළ බවත් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,430

Leave A Reply

Your email address will not be published. Required fields are marked *