‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ මැයෙන් රට පුරා ක්රියාත්මක වන ජන රැලි මාලාවේ ගම්පහ දිස්ත්රික් රැලිය අද (27) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් මෙම මහජන රැලිය අද පස්වරු 3.30 ට ගම්පහ නගර සභා පිටියේදී සංවිධානය කර තිබේ. මේ සඳහා ගම්පහ දිස්ත්රික්කයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.



























