මෙරට වනජීවී සම්පතේ අභිමානවත් නියෝජනයක් වූ ගල්ගමුවේ කාවන්තිස්ස හස්තියාගේ අභාවය වෙනුවෙන් සෙත් පැතීමේ විශේෂ ධර්ම දේශනාවක් උස්ගල සියඹලන්ගමුව ඇතිනිවැටුණගල රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. මහා සංඝරත්නය සහ ප්රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම පින්කම අතරතුර, අද (23) දහවල් සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙම අද්විතීය හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ප්රදේශවාසීන් සහ පරිසරවේදීන් ඉල්ලා සිටින අතර, වනජීවී සංරක්ෂණ යාන්ත්රණය සහ සත්ව අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතිකාවක් නිර්මාණය වීමට ද මෙම සිදුවීම හේතු වී තිබේ.



























