ආපනශාලා ආහාර සහ පාන වර්ග කිහිපයක මිල පහළට

​දේශීය වෙළෙඳපොළේ ගෑස් මිල පහළ යාමට සමගාමීව ප්‍රධාන පෙළේ ආහාර සහ පාන වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබේ. සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බත් පැකට්ටුවක්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 15.00 කින් අඩු කරන බවයි.​මීට අමතරව පොදු මහජනතාවට සහනයක් වෙමින් කෙටි ආහාර (Short Eats), කිරි තේ සහ තේ (ප්ලේන්ටි) මිල ගණන් ද රුපියල් 5.00 කින් අඩු කිරීමට තීරණය කර ඇත. ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට සෘජුවම ලබා දීමේ අරමුණින් මෙම පියවර ගත් බව එම සංගමය වැඩිදුරටත් කියා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,219

Leave A Reply

Your email address will not be published. Required fields are marked *