ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන රුමේෂ් තරංග දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. නව ආසියානු වාර්තාවක් සමඟින් තම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීම සිය අපේක්ෂාව බව ඔහු කටුනායක ගුවන් තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.තමා සතු හෙල්ල කිහිපයක් භාවිත කරමින් මේ වන විටත් සාර්ථක පුහුණුවීම්වල නිරත වූ බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 දෙනෙකු සමඟින් ඔහු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියේය.අද (20) අලුයම කැතේ ෆැසිපික් ගුවන් සේවයට අයත් යානයකින් හොංකොං වෙත පිටත් වූ ඔවුන්, එතැන් සිට ජපානයේ නගෝයා නුවර බලා ගමන් කිරීමට නියමිතය.



























