ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගනිමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.පදක්කම තීරණය කිරීමේ තියුණු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ශ්රී ලංකා ක්රීඩකයෝ මෙම විශිෂ්ට ජයග්රහණය වාර්තා කළහ.මෙම ජයග්රහණයත් සමඟ මෙවර ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් ඉසව්වෙන් ලෝකඩ පදක්කම ශ්රී ලංකා නාමයට එක්කර ගැනීමට කණ්ඩායම සමත්විය.



























