නුවරඑළිය ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ (LRC) හිටපු ක්ෂේත්ර නිලධාරියෙකු රුපියල් ලක්ෂ ගණනක ඉඩම් වංචාවකට අදාළව හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්රකාශයක් ලබාදීම සඳහා හැටන් පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.සැකකරු සිය සේවා කාලය තුළ නෝර්වුඩ්, හැටන් සහ රුවන්පුර යන ප්රදේශවලින් ඉඩම් කැබලි ලබා දෙන බව පවසමින් පුද්ගලයින් 70 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබුණි. මෙම ජාවාරම සඳහා හැටන් දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්රසයේ හිටපු නාගරික මන්ත්රීවරයෙකු ද සම්බන්ධ වී ඇති අතර, ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබිණි.මුදල් ලබාගත් මුත් කිසිදු අයෙකුට ඉඩම් ලබා නොදීම හේතුවෙන් මෙම පැමිණිලි ඉදිරිපත් වී ඇති අතර, සිද්ධියට සම්බන්ධ LRC හිටපු නිලධාරීන් කිහිපදෙනෙකුම ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතයි. අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



























