ඉන්දියා – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේදී හෙට (අගෝස්තු 23) ආරම්භ වන ශ්‍රී ලංකා සහ ඉන්දියානු කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කිසිදු මුදලක් අය කිරීමකින් තොරව නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව සලසා දී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබේ.​ඒ අනුව, අගෝස්තු 23 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගය සඳහා කිසිදු ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට අවශ්‍ය නොවන අතර, ක්‍රීඩාංගනයට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයින්ට නොමිලේ ඇතුළු වී තරගය රස විඳීමේ හැකියාව පවතී.

What's your reaction?

Related Posts

1 of 1,312

Leave A Reply

Your email address will not be published. Required fields are marked *