තුන්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතා අද (08) දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, ඒ සමඟම කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපළේ සිට අධිවේගී මාර්ගය හරහා කොළඹට පැමිණෙන අවස්ථාවේදී අදාළ මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.මෙම සංචාරය අතරතුර හෙට (09) දිනයේදී විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වන බැවින්, ගාලු මාවත, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය සහ ඉන්දීය සාම හමුදා ස්මාරකය ආශ්රිත මාර්ගවල ද විශේෂ රථවාහන සැකැස්මක් යෙදවීමට නියමිතය.මීට අමතරව, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සිය සංචාරය තුළදී පාර්ලිමේන්තුව වෙත ද පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.



























