ඉන්දීය සාගරයේ බන්ඩා ආචේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (21) පස්වරු 3.12ට පමණ රික්ටර් මාපකයේ ඒකක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබේ. දකුණු අක්ෂාංශ 8.04 සහ නැගෙනහිර දේශාංශ 127.57 ලෙස අපිකේන්ද්‍රය සටහන් වූ මෙම කම්පනය කිලෝමීටර් 156ක් පමණ ගැඹුරින් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.කෙසේ වෙතත්, මෙම භූමිකම්පාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයට කිසිදු සුනාමි අවදානමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පස්වරු 3.30ට නිකුත් කළ විශේෂ නිවේදනයක් මගින් තහවුරු කර ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන ජනතාවට දැනුම් දී තිබේ.



























