රජය විසින් සිදුකළ ඩීසල් මිල සංශෝධනයට සමගාමීව මෙරට බහාලුම් (කන්ටේනර්) ප්‍රවාහන ගාස්තු සියයට 3කින් පහළ දැමීමට පියවර ගෙන ඇති බව බහාලුම් ප්‍රවාහකයන්ගේ සංගමය පවසයි. එම සංගමයේ උප සභාපති සරත් කහදවආරච්චි මහතා සඳහන් කළේ ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව පවතින මිල සූත්‍රය අනුව භාණ්ඩ ආනයන සහ අපනයන ප්‍රවාහන ගාස්තු මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කළ බවයි.බහාලුම්වල බර අනුව අය කෙරෙන මුදල් ප්‍රමාණවල සුළු වෙනස්කම් පැවතිය හැකි වුවද, සමස්තයක් ලෙස සියලු ගාස්තු සඳහා මෙම සියයට 3ක සහනය හිමිවන බව ඒ මහතා වැඩිදුරටත් තහවුරු කළේය. මෙම ප්‍රවාහන මිල පහළ යාම හේතුවෙන් ඉදිරියේදී වෙළඳපොළේ පවතින ආනයනික භාණ්ඩවල මිල ගණන් ද යම් මට්ටමකින් අඩු වී එහි සෘජු වාසිය පාරිභෝගික ජනතාවට හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


























