තහනම් පිරමීඩ ආයතන 25ක ලැයිස්තුවක් මහ බැංකුවෙන්

ලංකාව තුළ නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ ඒවා ප්‍රවර්ධනය කරන ආයතන හා ජංගම දුරකථන යෙදවුම් (Apps) රැසක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ අනාවරණයක් සිදුකර තිබේ. 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තියට ප්‍රකාරව කරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මෑතකදී හඳුනාගත් “Infinity Rover (Pvt) Ltd” ඇතුළු ආයතන 25ක් මෙලෙස නීති විරෝධී ලෙස කටයුතු කර ඇති බව මහ බැංකුව තහවුරු කරයි.​මහ බැංකු විමර්ශනවලට අනුව මෙරට තුළ තහනමට ලක්කර ඇති එම ආයතන, කණ්ඩායම් සහ යෙදවුම් මෙසේය:​

  • Tiens Lanka Health Care (Pvt) Ltd
  • ​Best Life International (Pvt) Ltd​
  • Mark – Wo International (Pvt) Ltd​
  • V M L International (Pvt) Ltd​
  • Global Lifestyle Lanka (Pvt) Ltd​
  • Fast3Cycle International (Pvt) Ltd​
  • Sport Chain app / Sport Chain zs society Sri Lanka​
  • OnmaxDT​
  • MTFE App / MTFE SL Group / MTFE Success Lanka / MTFE DSCC Group​
  • Fastwin (Pvt) Ltd​
  • Fruugo Online App / Fruugo Online (Pvt) Ltd
  • ​Ride to Three Freedom (Pvt) Ltd​
  • Qnet / Questnet​
  • Era Miracle (Pvt) Ltd & Genesis
  • Business School
  • ​Ledger Block​
  • Isimaga International (Pvt) Ltd
  • ​Beecoin App & Sunbird Foundation​
  • Windex Trading​
  • The Enrich Life (Pvt) Ltd​
  • Smart Win Entrepreneur (Pvt) Ltd
  • ​Net Fore International (Pvt) Ltd / Netrrix​
  • Pro Care (Pvt) Ltd / Shade of Procare (Pvt) Ltd
  • ​SGO / sgomine.com​I.C.A.N Advertising (Pvt) Ltd (ඇතුළු icanonlineadvertising.com, bannercuts.com, bannercuts.lk, bannercuts.net, bannercuts.org)​
  • Infinity Rover (Pvt) Ltd

​මෙවැනි තහනම් ව්‍යාපාරික ක්‍රමවේදයන් සමඟ සම්බන්ධ වෙමින් මුදල් ආයෝජනය කිරීමෙන් හෝ වෙනත් අය ඒ සඳහා පොළඹවා ගැනීමෙන් වැළකී සිටින ලෙස මහ බැංකුව මහජනතාවට අවධාරණය කරයි. එමෙන්ම මෙවැනි පිරමීඩ ජාවාරම් මෙහෙයවීම හෝ ඒවාට දායක වීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් බවද පෙන්වා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,216

Leave A Reply

Your email address will not be published. Required fields are marked *