මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, වර්තමානයේ පවතින තත්ත්වය මත ඉන්ධන මිල ක්ෂණිකව පහත දැමීමට හැකියාවක් නොමැති බවයි. ගෝලීය වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගියද, එම වාසිය ක්ෂණිකව දේශීය පාරිභෝගිකයාට ලබා දීමේදී ප්‍රායෝගික ගැටලු පවතින බව ඇය පෙන්වා දුන්නාය.රජය මේ වන විටත් ඉන්ධන තොග මිලදී ගෙන ඇත්තේ ඉහළ මිලකට බවත්, එම මිලෙහි බරින් සැලකිය යුතු කොටසක් දැනටමත් රජය විසින් දරා සිටින බවත් අගමැතිනිය සඳහන් කළාය. රටේ පවතින ආර්ථික වාතාවරණය හමුවේ ඉන්ධන සඳහා සැබෑ ලෙසම රුපියල් 700ක පමණ මිලක් පැවතිය යුතු වුවද, ජනතාව වෙත එම සම්පූර්ණ බර පැටවීමට රජය කටයුතු නොකරන බවද ඇය අවධාරණය කළාය.මේ අනුව, වෙළෙඳපොළ තුළ පවතින මිල බර රජය විසින් දරාගනිමින් ජනතාවට සහනයක් ලබා දීමට උත්සාහ කරන ආකාරය පිළිබඳව ඇය කරුණු පැහැදිලි කළාය. පවතින සැබෑ තත්ත්වය ජනතාවට අවබෝධ කර දෙමින්, රජයේ ඉදිරි පියවරයන් සහ වත්මන් ආර්ථික කළමනාකරණය පිළිබඳව ද ඇය මෙහිදී අවධාරණය කළාය.



























