කොළඹ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට දිනය සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට මෙන්ම යාපනය, කිලිනොච්චි, වව්නියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවලට මෙම කාලගුණ තත්ත්වය දැඩි ලෙස බලපානු ඇති බව සඳහන් වේ.අදාළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා විශේෂ පියවර අත්‍යවශ්‍ය වන බව කාලගුණ අංශ පෙන්වා දෙයි.මෙම තත්ත්වය හමුවේ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම සහ අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකීම වැදගත් වේ. විශේෂයෙන්ම වැඩිහිටියන්, රෝගීන් සහ කුඩා දරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.



























