දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් වැල්ලව සහ ගනේවත්ත අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇත.දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ, මාර්ගයේ තත්ත්වය සහ පවතින හානිය පරික්ෂා කර බැලීම සඳහා කාර්මික නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වෙත යවා ඇති බවයි.



























