උදය ගම්මන්පිලගේ නඩුවකට තීන්දුවක්

රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍ර භාවිත කර අලෙවි කළ බවට යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබිණි.​දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර ඇති චෝදනා කිසිවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.​ඒ අනුව, චෝදනාවලින් නිදහස් වන ලෙස නියෝග කළ විනිසුරුවරිය, උදය ගම්මන්පිල මහතාව අදාළ නඩුවෙන් සම්පූර්ණයෙන්ම මුදාහළාය.

What's your reaction?

Related Posts

1 of 1,354

Leave A Reply

Your email address will not be published. Required fields are marked *