එල්.පී.එල්. තරගාවලියේ ශූරතාව ගෝල් ගැලන්ස් පිලට

ඊයේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත් විය.​තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123ක් පමණි. එහිදී කමිල් මිශාර ලකුණු 41ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, පන්දු යැවීමේදී ගෝල් කණ්ඩායමේ එශාන් මාලිංග සහ චරිත් අසලංක අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.​ලකුණු 124ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ගෝල් ගැලන්ස් ක්‍රීඩකයෝ පන්දුවාර 15.5කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 126ක් ලබාගනිමින් තරගයේ ජය තහවුරු කරගත්හ. ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ තෝමස් රොජර් ලකුණු 34ක් සහ දිනුර කලුපහන ලකුණු 31ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට දායක වූහ.

What's your reaction?

Related Posts

1 of 1,332

Leave A Reply

Your email address will not be published. Required fields are marked *