දිවයිනේ ඩෙංගු රෝගීන් ගණන 90,000 සීමාවට

වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 89,395 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. සෞඛ්‍ය දත්තවලට අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන පළාත බවට බස්නාහිර පළාත පත්ව තිබෙන අතර, එලෙස හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් ගණන 47,310කි. මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,274ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 7,940ක් ලෙස වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇත.​දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම අවදානමක් පෙන්නුම් කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. එහිදී හඳුනාගත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 19,007 දක්වා ඉහළ ගොස් තිබේ.​දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට වන අතර, එම ප්‍රදේශයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 17,725ක් ලෙස සටහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,277

Leave A Reply

Your email address will not be published. Required fields are marked *