ඓතිහාසික මාතලේ අළුවිහාරයේ සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාව දක්වා ගමන් ගන්නා “ඒහිපස්සිකෝ” සාම පා ගමන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ. ඊයේ දිනය පුරා කිලෝමීටර් 46ක දුරක් ගෙවා දමමින් දඹුල්ලේ සිට වැඩම කළ භික්ෂූන් වහන්සේලා අද අලුයම 12.20ට පමණ අළුවිහාර විහාරස්ථානයට ළඟා වූහ. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ද වැඩම කරවමින් සිදුකෙරෙන මෙම පුණ්‍ය යාත්‍රාවට රාජ්‍ය නායකත්වයේ සහ ප්‍රභූවරුන්ගේ ද සහභාගිත්වය හිමිව තිබේ.අළුවිහාර විහාරස්ථාන පරිශ්‍රයට ශ්‍රී මහා බෝධි අංකුරය වැඩම කරවීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ද එක්විය. අද උදෑසන මාතලේ නගරයෙන් ආරම්භ වූ මෙම පා ගමනේ අවසන් ගමනාන්තය වන්නේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවයි. මහජනතාවගේ සහ බැතිමතුන්ගේ නොමඳ ගෞරවාදරය මධ්‍යයේ මෙම වැඩසටහන මහනුවර දෙසට ගමන් කරමින් පවතී.සාම පා ගමනට සහභාගී වන භික්ෂූන් වහන්සේලාට සහ බැතිමතුන්ට බාධාවක් නොවන අයුරින් මාර්ගයේ ඉඩකඩ ලබා දෙන ලෙස ආරක්ෂක අංශ රියදුරන්ගෙන් සහ මඟීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ සාමකාමී වතාවත්වලට සහය වීම සඳහා ජනතාවගේ සහයෝගය අපේක්ෂා කෙරේ.

























