හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම ඉරානය විසින් ප්‍රතික්ෂේප කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කිරීමයි. ඉරාන වරායන් අවහිර කිරීමට ඇමරිකාව ගන්නා උත්සාහය ගෝලීය ආර්ථිකය ප්‍රාණ ඇපයට ගැනීමක් බඳු යැයි ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා මෙහිදී චෝදනා කළේය. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කරන්නේ තර්ජන සහ අවහිර කිරීම් පවතින පසුබිමක සාර්ථක සාම සාකච්ඡා පැවැත්වීම දුෂ්කර බවයි.​මෙවන් වාතාවරණයක් මධ්‍යයේ වුවද, ඉදිරි පැය 36 ත් 72 ත් අතර කාලය තුළ ඉරානය සමඟ නව වටයක සාම සාකච්ඡා ආරම්භ වනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කරයි. පාකිස්ථානයේ මැදිහත්වීම මත සිදුවන මෙම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය දැනටමත් සාර්ථක මාවතකට අවතීර්ණ වී ඇති බව පෙනී යයි. සටන් විරාමය දීර්ඝ කිරීමට ගත් තීරණයත් සමඟ මෙම නව සාකච්ඡා වටය පිළිබඳ බලාපොරොත්තු ඉහළ ගොස් තිබේ.​විශේෂයෙන්ම ඊයේ (22) දින අවසන් වීමට නියමිතව තිබූ සටන් විරාමය, පාකිස්ථානය කළ ඉල්ලීමකට අනුව තවත් කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගත්තේය. කලාපීය සාමය උදෙසා ගත් මෙම තීරණයෙන් අනතුරුව, හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය සිය දැඩි ස්ථාවරය නිවේදනය කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති විශේෂ කරුණකි.

What's your reaction?

Related Posts

1 of 730

Leave A Reply

Your email address will not be published. Required fields are marked *