කටුනායකදී නීති විරෝධී මත්පැන් වැටලීමක්: සැකකරුවෙකු කොටුකර ගනී

කටුනායක, හීනටියන ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. ඊයේ (10) රාත්‍රී කාලයේදී පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම විශේෂ වැටලීම දියත් කර ඇත.​මෙම වැටලීමේදී මත්පැන් පෙරීම සඳහා සූදානම් කර තිබූ ගෝඩා ලීටර් 6,615ක් අඩංගු බැරල් 35ක් පොලිස් භාරයට ගෙන තිබේ. මීට අමතරව අලෙවි කිරීම සඳහා සකස් කර තිබූ නීති විරෝධී මත්පැන් ලීටර් 168.5ක් ද (බෝතල් 225ක්) එහි තිබී සොයාගෙන ඇත.​පොලිස් අත්අඩංගුවට පත්ව ඇති සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,231

Leave A Reply

Your email address will not be published. Required fields are marked *