කඩුවෙල නගරයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක පහළ මහලේ පවත්වාගෙන ගිය විද්යුත් උපකරණ අලෙවිසැලක අද (19) උදෑසන හටගත් ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු මියගොස් තිබේ. ගින්න හටගන්නා අවස්ථාවේදී ඔවුන් ගොඩනැඟිල්ලේ ඉහළ මහලේ රැඳී සිට ඇති බව වාර්තා වේ.මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ එම පවුලේ මව, පියා සහ වයස අවුරුදු දෙකක් හා හයක් වන කුඩා දරුවන් දෙදෙනායි.ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ තුනක් යොදවා තිබූ අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.



























