කතරගම ඇසළ මංගල්‍යය වෙනුවෙන් ලංගමයෙන් විශේෂ බස් සේවාවක්

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයට සහභාගී වන බැතිමතුන්ගේ ගමනාගමන පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) විසින් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණෙන ජනතාව ඉලක්ක කර ගනිමින් කතරගම කේන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රවාහන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත.​මෙම විශේෂ සේවාව යටතේ කොළඹ, මහනුවර ඇතුළු ප්‍රධාන නගරවල සිට මෙන්ම නැගෙනහිර පළාතේ සහ කඳුකර ප්‍රදේශවල සිට කතරගම දක්වා ධාවනය වන පරිදි බස් රථ යොදවා තිබේ. විශේෂයෙන්ම නැගෙනහිර සහ කඳුකර ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ සහ සාමාන්‍ය මගීන්ගේ අවශ්‍යතා සපුරාලීම මෙහි ප්‍රධාන අරමුණකි.​ඒ අනුව කතරගම සිට කොළඹ, මහනුවර, හැටන්, බදුල්ල සහ නුවරඑළිය වැනි මධ්‍යම හා කඳුකර ප්‍රදේශ දක්වාත්, මඩකලපුව, පානම, ත්‍රිකුණාමලය, මුතූර්, වාලච්චේන, පොතුවිල්, අක්කරපත්තුව, වාකරේ සහ කල්මුණ වැනි නැගෙනහිර පළාතේ ප්‍රධාන නගර කරාත් විශේෂ බස් රථ ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇත.​බැතිමතුන්ට තම ගමන් වාර සඳහා ආසන වෙන් කරවා ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. මීට අමතරව, මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් කතරගම ප්‍රධාන බස් නැවතුම්පොළ තුළම විශේෂ ආසන වෙන් කිරීමේ කවුළු දෙකක් ද මේ වන විට විවෘත කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,231

Leave A Reply

Your email address will not be published. Required fields are marked *