කළු ගඟ පහත්බිම් සඳහා පැනවූ ගංවතුර අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ

ඇදහැලෙන වර්ෂාපතනයත් සමඟ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඊට අයත් පහත්බිම් ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අවදානම් නිවේදනය ඉදිරි පැය 24 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.​මේ අනුව, කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවට ඉදිරි පැය 24 පුරා දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවදානම් තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,398

Leave A Reply

Your email address will not be published. Required fields are marked *