ක්‍රිකට් නීති කිහිපයකට අයිසීසීයෙන් නව සංශෝධන

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් විස්සයි-20, එක්දින සහ ටෙස්ට් තරග රටාවන් සඳහා බලපාන නව නීති සංශෝධන කිහිපයකට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සීමිත පන්දු වාර තරගවලදී ක්‍රීඩකයින්ට ලබාදෙන සිසිල් පැන් විවේක කාලය (Drinks Break) තුළදී කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවන්ට පිටිය මැදට පැමිණ ක්‍රීඩකයින් සමඟ උපක්‍රමශීලීව සාකච්ඡා කිරීමට මින් ඉදිරියට අවස්ථාව හිමි වේ. මීට අමතරව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා රෝස පැහැති පන්දුව භාවිතය සම්බන්ධයෙන් ද නව තීරණ රැසක් හඳුන්වා දී තිබේ.​ඉන්දියාවේ අහමදාබාද් නුවරදී ඊයේ (01) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක සභා රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්‍රීඩාවේ පවතින තරගකාරීත්වය සහ උද්යෝගය තවදුරටත් වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම නව සංශෝධන ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා ඇතුළත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,218

Leave A Reply

Your email address will not be published. Required fields are marked *