කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට සංශෝධන

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කෝට්ටේ පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් අද (06) සහ හෙට (07) යන දිනවල දුම්රිය ධාවන කාලසටහන වෙනස් කර තිබේ. මේ හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව වළක්වා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම දින දෙක වෙනුවෙන් විශේෂිත දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට පියවර ගෙන ඇත.

​ඒ අනුව අද (06) දිනයේ සවස් කාලය තුළ අවිස්සාවේල්ලේ සිට දහවල් 12:25 ට නුගේගොඩ බලා දුම්රියක් ධාවනය වන අතර, නාරාහේන්පිට සිට අවිස්සාවේල්ල බලා පස්වරු 05:15, පස්වරු 06:20 සහ රාත්‍රී 08:30 ට විශේෂ දුම්රියන් ධාවනය වීමට නියමිතය.​හෙට (07) ඉරිදා දින උදෑසන කාලයේදී අවිස්සාවේල්ලේ සිට කොටුව බලා පෙරවරු 05:15, පෙරවරු 05:55 සහ පෙරවරු 06:25 ට දුම්රියන් ධාවනය කෙරෙන අතර, කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08:30 ට අවිස්සාවේල්ල බලා ගමන් ආරම්භ කරන දුම්රියක් ද මීට ඇතුළත් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,206

Leave A Reply

Your email address will not be published. Required fields are marked *