කැළණි ගඟට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්

කැළණි ගඟේ ඉහළ සහ මධ්‍යම ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 48 තුළ එම නිම්නයේ පහත්බිම් වෙත සුළු ගංවතුර අවදානමක් මතුවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද (01) උදෑසන 7.30 ට නිකුත් කර ඇති මෙම නිවේදනය අනිද්දා (03) උදෑසන 7.00 දක්වා බලපැවැත්වේ.​මෙම තත්ත්වය මත දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංගා ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යාමේ හැකියාවක් පවතියි. ඉදිරියටත් දැඩි වැසි අපේක්ෂා කරන බැවින් ගඟේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යෑමට ඉඩ ඇති බව ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පෙන්වා දෙයි.​ඒ අනුව, අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්, ගංගාව ආශ්‍රිතව කටයුතු කරන්නන් සහ එම මාර්ගවල ගමන් ගන්නා රියදුරන් ඉදිරි පැය කිහිපය තුළ දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන ලෙස තරයේ ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,264

Leave A Reply

Your email address will not be published. Required fields are marked *