කොටහේන ප්‍රදේශයේදී තියුණු ආයුධ ප්‍රහාරයකින් 18 හැවිරිදි තරුණයෙක් මරුට

කොටහේන නගර ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රී සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පෞද්ගලික ආරවුලක් දුරදිග යාම මෙම ප්‍රහාරයට හේතු වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.බරපතල තුවාල ලැබූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවූ අදාළ තරුණයා වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, එහිදී ඔහු මියගොස් ඇති බව කොටහේන පොලිසිය තහවුරු කළේය.මෙම අපරාධය සිදු කළ සැකකරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පුළුල් විමර්ශන කටයුතු පොලිසිය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *