කොළඹ – නුවර මාර්ගයේ රථවාහන සීමා කිරීමක්

වීදියවත්ත සතර මහා දේවාලයේ වාර්ෂික පෙරහර හේතුවෙන් අද (03) රාත්‍රී කාලයේදී කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ විශේෂ රථවාහන සීමා කිරීම් ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනය කරයි. ඒ අනුව අද රාත්‍රී 09.00 සිට අලුයම 03.00 දක්වා කාලය තුළ මෙම තත්ත්වය බලපැවැත්වේ.​මෙම කාල සීමාව තුළ දේවාලයෙන් ආරම්භ වන පෙරහර කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ යක්කල හන්දිය දක්වා ගමන් කර, යළි එම මාර්ගයෙන්ම දේවාලය වෙත ළඟා වීමට නියමිතයි. මේ නිසා ප්‍රදේශයේ ඇතිවිය හැකි වාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට උපදෙස් දී ඇත.​ඒ අනුව, මහනුවර සහ කොළඹ අතර ගමන් ගන්නා රියදුරන්ට තිහාරිය හන්දියෙන් හැරී වාරණ මාර්ගය, කලටුවාව පාලම සහ යක්කල – කිරිඳිවැල මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි වන පරිදි විකල්ප මාර්ග පද්ධතියක් සකස් කර තිබේ. ගමනාගමනයට පෙර මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස පොලිසිය දන්වා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,361

Leave A Reply

Your email address will not be published. Required fields are marked *