කොළඹ පෝට් සිටි ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු චීන ජාතිකයා පරිගණක ආශ්‍රිත වංචාවලින් මුදල් ඉපැයූ අයෙක්

කොළඹ පෝට් සිටි (වරාය නගරය) පරිශ්‍රයෙන් පැහැරගෙන ගොස් පසුව මළ සිරුර එහෙළියගොඩ ප්‍රදේශයෙන් හමුවූ චීන ජාතිකයා පරිගණක ආශ්‍රිත වංචා මගින් මුදල් ඉපැයීමට සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව කොළඹ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා ප්‍රකාශ කළේය. පසුගිය දිනවල කොළඹ සහ බස්නාර්හ පළාතේ වාර්තා වූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.​පසුගිය ජූලි 23 වන දින පෝට් සිටි පරිශ්‍රයේදී චීන ජාතික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසු මෙම සිදුවීම සිදුව ඇති බව පොලිසිය පවසයි. එම ගැටුමේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති අතර, පසුව ඔහුගේ මළ සිරුර එහෙළියගොඩ ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී.​මෙම සිදුවීමට අදාළ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, අපරාධයෙන් පසු රටින් පලා යාමට උත්සාහ කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති ද සොයිසා මහතා පැවසීය. මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අට දෙනෙකු මේ වන විට පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඇති බවත්, පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන් යමවරක් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටින බවත් වාර්තා වේ.​මීට අමතරව, අපරාධය සඳහා භාවිතා කරන ලදැයි විශ්වාස කෙරෙන වායු පිස්තෝල දෙකක්, ජංගම දුරකථනයක්, වෝකි-ටෝකි යන්ත්‍රයක් සහ වාහන කිහිපයක් ද නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත. මෙම සිදුවීමට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ චීන රජය සමඟ සම්බන්ධීකරණයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,257

Leave A Reply

Your email address will not be published. Required fields are marked *