මන්ත්‍රී රාමනාදන් අර්චුනා අධිකරණයට

කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරීවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවුත් වන නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා තමන් වෙත නිකුත් කර තිබූ වරෙන්තුවක් සලකා බලා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් අද (27) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. අදාළ නඩුව විභාගයටගත් අවස්ථාවේදී මන්ත්‍රීවරයා සහ ඔහුගේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඉකුත් ජූලි 24 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණි. කෙසේ වෙතත්, පසුව මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥයෙකු හරහා මෝසමක් ඉදිරිපත් කරමින් මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

What's your reaction?

Related Posts

1 of 1,366

Leave A Reply

Your email address will not be published. Required fields are marked *