කොළඹ බස් මංතීරු නීති දැඩි කෙරේ; නව මෙට්‍රෝ බස් රථ 104ක් සේවයට

අධික රථවාහන තදබදය පාලනය කරමින් මගීන්ට පහසුවෙන් ගමනාන්ත වෙත ළඟාවීමට අවස්ථාව සැලසීම සඳහා කොළඹ සහ අවට ප්‍රදේශවල බස් මංතීරු රෙගුලාසි සැප්තැම්බර් 29 වැනිදා සිට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇත.​පෙරවරු 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට 7.00 දක්වා ක්‍රියාත්මක වන මෙම මංතීරු පද්ධතියට සමගාමීව, එදින සිට ‘මෙට්‍රෝ’ බස් සේවය යටතේ නව බස් රථ 104ක් මාර්ග 7ක් ඔස්සේ ධාවනයට එක් කිරීමට නියමිතය. මෙම නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බලධාරීන් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,352

Leave A Reply

Your email address will not be published. Required fields are marked *