අධික රථවාහන තදබදය පාලනය කරමින් මගීන්ට පහසුවෙන් ගමනාන්ත වෙත ළඟාවීමට අවස්ථාව සැලසීම සඳහා කොළඹ සහ අවට ප්රදේශවල බස් මංතීරු රෙගුලාසි සැප්තැම්බර් 29 වැනිදා සිට දැඩි ලෙස ක්රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇත.පෙරවරු 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට 7.00 දක්වා ක්රියාත්මක වන මෙම මංතීරු පද්ධතියට සමගාමීව, එදින සිට ‘මෙට්රෝ’ බස් සේවය යටතේ නව බස් රථ 104ක් මාර්ග 7ක් ඔස්සේ ධාවනයට එක් කිරීමට නියමිතය. මෙම නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා බව බලධාරීන් අවධාරණය කරයි.



























