ගුරු කඩඉම් විභාග සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිවූ බව අගමැතිනි හරිනි අමරසූරිය කියයි

ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, මේ වසර තුළදීම එම ගැටලුවට ස්ථිර විසඳුම් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි. මීට අමතරව, දීර්ඝ කාලයක සිට විදුහල්පතිවරුන් මුහුණ දී සිටි වැටුප් විෂමතා ගැටලුව විසඳීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින්, අදාළ අමාත්‍යාංශය ඒ සඳහා වන මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අනාවරණය කළාය.​රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිසේත්ම නතර වී නොමැති බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, ඉදිරි 2027 වසරේදී 02 ශ්‍රේණිය සහ 06 ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් සැලසුම් කරමින් පවතින බව පවසා සිටියාය.​එමෙන්ම විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ශාඛාවේ පවතින ඉඩකඩ සීමිත බව සහ යටිතල පහසුකම් අවම වීම පිළිබඳ ගැටලු විසඳීමට රජය සෘජුව මැදිහත් වන බවද ඇය සඳහන් කළාය. ඒ අනුව, එම ශාඛාව සඳහා වෙන් කර ඇති නව ඉඩමේ ඉදිරි සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *