ගුරු විභාග ප්‍රතිඵල නිකුත් වෙයි: සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් 15 සිට

ජාතික සහ පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව, පළමු අදියර යටතේ 17,000 ක් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 15 වැනිදා සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කළේය.​පසුගිය වසරවල පැවැති නීතිමය බාධා සහ ශ්‍රේෂ්ඨාධිකරණ වාරණ නියෝග හේතුවෙන් මෙම බඳවාගැනීම් ප්‍රමාද වූ බවත්, මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 126,034 දෙනෙකු පෙනී සිටි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.​දිවයින පුරා දැනට පවතින උපාධිධාරී ගුරු පුරප්පාඩු 23,000 ම මෙම වසර අවසන් වීමට පෙර පියවීමට කටයුතු යොදා ඇති අතර, ඉදිරියේදී පළාත් මට්ටමින් අධ්‍යාපනවේදී ගුරුවරුන් බඳවා ගැනීමටද පියවර ගන්නා බව ලේකම්වරයා පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,379

Leave A Reply

Your email address will not be published. Required fields are marked *