ගුරු හිඟයට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක ගැටලුවලට කඩිනම් විසඳුම්

අධ්‍යාපන පද්ධතියේ පවතින ව්‍යුහාත්මක ගැටලු සහ ගුරු හිඟයට කඩිනම් විසඳුම් ලබාදීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නංවාලීම සඳහා ගුරු පුරප්පාඩු පිරවීම, විනිවිදභාවයෙන් යුතු ස්ථාන මාරු ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සහ දුෂ්කර සේවා දීමනා ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම මෙහිදී විශේෂ අවධානයට ලක් විය.​විශේෂයෙන්ම විද්‍යා හා ගණිත විෂයන් සඳහා පවතින දැඩි ගුරු හිඟයට මුහුණ දීම පිණිස නව බඳවා ගැනීම් වේගවත් කිරීමටත්, උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ගුරු අවශ්‍යතා පවතින පාසල් වෙත ප්‍රමුඛත්වය ලබා දීමටත් තීරණය කර ඇත. තවද, පාසල් ඉඩම් හා යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් අන්තර්කරණ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී.​මීට අමතරව, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ තත්ත්ව සහතික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. මෙම රැස්වීම සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අදාළ අමාත්‍යාංශවල උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,281

Leave A Reply

Your email address will not be published. Required fields are marked *