ගොවි ජනතාව අසරණ වී ඇති බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් කෘෂිකාර්මික ප්‍රතිපත්ති විවේචනයක්

රටේ ආහාර නිෂ්පාදනයට දායක වන ගොවි ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් රජය අසමත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දෙහිඅත්තකණ්ඩියේ පොළ අසල පැවති විශේෂ ගොවි හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එහිදී ගොවීන් මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.​බිත්තර වී, රසායනික පොහොර, ඉන්ධන සහ වල්නාශකවල පවතින අධික මිල ගණන් මෙන්ම කෘෂිකාර්මික උපකරණ සඳහා අය කෙරෙන බදු හේතුවෙන් ගොවීන්ගේ නිෂ්පාදන වියදම දිනෙන් දින ඉහළ යන බව ඔහු පෙන්වා දුන්නේය. වී කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 137ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන පසුබිමක, නාඩු වී සඳහා රජය ලබා දී ඇති රුපියල් 120ක සහතික මිල කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.​එමෙන්ම, දේශීය සහල් නිෂ්පාදනය සහ වෙළඳපළ ඉල්ලුම අතර පවතින පරතරය මෙන්ම ආනයනික ප්‍රතිපත්ති පිළිබඳව ද ඔහු මෙහිදී ප්‍රශ්න කළේය. ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් ක්‍රමවත් වගා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සහ ඩ්‍රෝන යානා ඇතුළු නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට හඳුන්වා දීමේ වැදගත්කම ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,394

Leave A Reply

Your email address will not be published. Required fields are marked *