චාමර සම්පත් ඇතුළු දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

පොස්පේට් සමාගම්වලින් අල්ලස් ලබාගැනීමේ චෝදනාවට ලක්වූ චාමර සම්පත් සහ ඔහුගේ ලේකම්වරයා ලබන 06 දක්වා යළි රිමාන්ඩ් කෙරේ.​පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයකු මෙන්ම බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම්වරයා ලබන මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.​අදාළ නඩුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.​මෙම සිදුවීමට අදාළ විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් තවදුරටත් සක්‍රීයව සිදු කරගෙන යනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,392

Leave A Reply

Your email address will not be published. Required fields are marked *