තම ජනාධිපති සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරවූ ආකාරය පිළිබඳව ග්‍රන්ථයක් රචනා කරමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. කොළඹ පිහිටි සිය කාර්යාලයේදී නව චීන තානාපති වුයි හුවාෂියැං (Wei Huaxiang) මහතා හමුවූ අවස්ථාවේද ඔහු මේ බව හෙළි කළේය.මෑතකදී සිංගප්පූරුවට ගොස් වෛද්‍ය පරීක්ෂාවකට මුහුණ දුන් තමා මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, පක්ෂයේ මෙන්ම විපක්ෂයේ කටයුතු වෙනත් පාර්ශ්ව වෙත පවරා ඇති බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, ඉන්දීය සාගර කලාපය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳව තමා තවදුරටත් දැඩි අවධානයෙන් පසුවන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.



























