ජනතා සේවය විවේචනය කරන පිරිස් ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

තමන් විපක්ෂයේ සිටිමින් ජනතාව වෙනුවෙන් ඉටුකරන සේවාවන් පවා ඇතැම් පාර්ශවයන්ගේ විවේචනයට ලක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තමන්ගේ එකම අරමුණ ජනතාවට සැබෑ ලෙසම සේවය කිරීම මිස පෞද්ගලික ප්‍රතිරූපය වර්ධනය කරගැනීම නොවන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.​ඒ මහතා මේ බව සදහන් කළේ හොරොව්පතාන, වගොල්ලාගොඩ බෝධිරුක්ඛාරාම මහා විහාරයේ අලුතින් ඉදිකෙරෙන ධර්ම ශාලාවේ වැඩකටයුතු ආරම්භ කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.​මෙම පුණ්‍යකර්මයට සමගාමීව විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් සිමෙන්ති කොට්ට 100ක පරිත්‍යාගයක් ද විපක්ෂ නායකවරයා අතින් සිදුකෙරුණි. මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,255

Leave A Reply

Your email address will not be published. Required fields are marked *