ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා නීතිවිරෝධී ලෙස මගී සේවා බලපත්‍ර 56ක් නිකුත් කිරීමේ දූෂණ චෝදනාවක් මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.​කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියට සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නියම කෙරිණි. අමාත්‍ය මණ්ඩල තීරණයට පරිබාහිරව වාර්ෂිකව ලබාදෙන මෙම බලපත්‍රවලින් 30ක් ඔහුගේ කමිටුවට අදාළවත්, තවත් 26ක් තමන්ගේ හිතුමනාපය පරිදි වෙනත් පිරිසකටත් ඔහු ලබා දී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,336

Leave A Reply

Your email address will not be published. Required fields are marked *